Gossips

Update : කැබිනට් සංශෝධනය ඇරඹේ

අමාත්‍ය මණ්ඩල සංශෝධනයට සහභාගිවීම සඳහා රජයේ අමාත්‍යවරුන් ජනාධිපති ලේකම්ි කාර්යාලයට පැමිණේ
වත්මන් රජයේ දෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට සහභාගිවීම සඳහා අමාත්‍යවරුන් බොහෝ පිරිසක් මේ වනවිට ජනාධීපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙමින් සිටිනවා.
අප වාර්තාකරු සඳහන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද අද දිනයේ ක්‍රියාත්මක කර ඇති බවයි.
මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ඇතැම් අමාත්‍යවරුන්ගේ ධුර වෙනස් කිරීමට හෝ මාරු කිරීමට මෙන්ම නව අමාත්‍ය ධුර ලබාදීමටද කටයුතු කරනු ඇතැයි අපේක්ෂිතයි.