එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර ඇති ගිවිසුම රටට හෙළි කළ යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. 
එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා. 
එහිදී මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, එල්.ටී.ටී.ඊ. නායකයින් සමඟ පසුගිය කාල සීමාවේදී ලබාගත් ඡායාරූප කිහිපයක්ද මාධ්‍ය වෙත ඉදිරිපත් කළා.



