Breaking Politics Sri Lanka

සජිත් ප්‍රගතිශීලී ගමනක.. එජාප තනතුරු වල දැවැන්ත වෙනසක්.. මහ ලේකම් ධූරය කබීර් හෂීම්ට.. මංගල සභාපති, හරීන් නියෝජ්‍ය නායක..

සිව් දිගින් ජනතාවගෙන් එන යහපත් ප්‍රතිචාර ඔස්සේ එජාපය අළුත් ගමනක් ආරම්භ කර ඇත. ජනපතිවරණයට නාම යෝජනා දීමට කලින් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ නායකයා කල යුතු බවට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟ වී ඇති බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.. ඒ අනුව ඉදිරි දින කිහිපය තුල නායකත්වයේ වෙනස සිදු වනු ඇතැයි සඳහන්…

මේ සමඟම එජාප ව්‍යවස්ථාව හා කෘත්‍යාධිකාරී මණ්ඩලය තුලත් එජාප තනතුරු තුලත් දැවැන්ත වෙනසක් කරමින් නව ප්‍රතිසංවිධානයක් ඔස්සේ ජනාධිපතිවරණයට යා යුතු බව සජිත් ප්‍රේමදාස මැතිතුමා තීරණය කර ඇති බව සඳහන්. පක්ෂයේ පැරණි ගතිය සම්පූර්ණයෙන් ඉවත් කර, නැවුම් සහ ජව සම්පන්න පක්ෂයක් ලෙස එජාපය පාක්ෂිකයාට ඉදිරිපත් කල යුතුයැයි සජිත් ප්‍රේමදාස මැතිතුමා තීරණය කර තිබෙනවා..

පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා “ගෞරවණීය නායක” ලෙස තනතුරක් නිර්මාණය කරමින් එම තනතුරේ පිහිටවීමටත්, පක්ශයේ සභාපති කබීර් හෂීම් මැතිතුමන් මහ ලේකම් ධූරයට පත් කිරීමටත්, මංගල සමරවීර අමාත්‍යවරයා පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කිරීමටත්, හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරට පත් කිරීමටත් එකඟතා පල කරමින් තිබෙනවා..

මේ පිළිබඳව තම හිතවතුන් හා අදහස් දක්වමින්, හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටින්නේ, මෙම තනතුරු වෙනස අනිවාර්‍යයෙන්ම කල යුතු බවත්, එසේ නොමැතිනම් ගෝඨාව පරද්දන්න වෙන්නෙ නෑ” ලෙසින් බව සඳහන්..

සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයින් පවසන්නේ රනිල් පිලම එජාපයෙන් පන්නා දැමිය යුතු බවත්, නැවුම් වෙනසක් සහ ප්‍රතිපත්ති තුල සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කරවීම සිදු කල යුතු බවත් ය