Gossips

TNA හෙට ජවිපෙ මූලස්ථානයට

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෙට (11) පස්වරුවේ සිය පක්ෂ මූලස්ථානයේදී දෙමළ ජාතික සන්ධානය හමුවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
මෙම සාකච්ඡාවේ පළමු පියවර ලෙස පසුගිය 06 වනදා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවුණා.
කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ ද මෙම සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි පක්ෂයේ ප්‍ර‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ.
එමෙන්ම 20 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉදිරියේදී මුස්ලිම් කොංග්‍රසයේ සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකයින් ද ජනතා විමුක්ති පෙරමුණ හමුවනු ඇති.