ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් මෙරටට ලබාදී ඇති නිර්දේශ සපුරාලීමට ඇති කාලසීමාව දීර්ඝ නොකිරීම ඇතුළු කරුණු 3 ක් ඇතුළත් යෝජනාවලියක් දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ හා තවත් දේශපාලන කණ්ඩායම් කිහිපයක් එක්ව සකස් කර තිබෙනවා.
ටෙලෝ පක්ෂයේ සාමාජික හිටපු උතුරු පළාත් අමාත්‍ය එම්.කේ. සිවාජිලිංගම් මහතා සදහන් කළේ මෙම යෝජනාවලිය නුදුරේදීම මානව හිමිකම් කවුන්සිලයට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට යොමු කරන බවයි.
ඉලංගෙයි තමිල් අරසු කච්චිල ටෙලෝ ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ කිහිපයක් එක්ව අද යාපනයේදී සාකච්ඡාවක් පැවැත්වුවා.
rn
