හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විපක්ෂ නායක තනතුරට එරෙහි දෙමළ ජාතික සන්ධානයේ් කූඨ අරමුණ ව්‍යවස්ථාදායක සභාව තුල විපක්ෂයට ඇති අයිතිය උදුරා ගැනිම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ නිදහස් පක්ෂ 16 කණ්ඩායම කොළඹ අද කැදවා තිබු මාධ්‍ය හමුවට එක්වෙමින්.
මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි.දිසානායක කියා සිටියේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුව තුළ තවදුරටත් බහුතරයක් නොමැති බවයි.
