Gossips

STF සෙබලෙකුගේ නිවසින් අවි ආයුධ සොයා ගැනේ

අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී රඹුක්කන – මුවපිටිය ප්‍රදේශයේ නිවසක තිබී ආයුධ තොගයක් සොයා ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ පසුගිය 13 වනදා ගලගෙදර – බෙට්ටියගොඩදී ගංජා ප්‍රවාහනය කළ පොලිස් විශේෂ කාර්ය බලකා කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී මෙම අවි ආයුධ තොගය සොයා ගෙන ඇති බවයි.
ඊයේ දිනයේ සොයා ගත් මෙම අවි ආයුධ අතර, ටී – 56 ජීව උණ්ඩ 36 ක්, එම් -16 ජීව උණ්ඩ 5ක්, ටී 56 පතොරම් ගැබ් දෙකක් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ගුවන් හමුදාව භාවිත කරන කැලෑ ඇඳුම් කිහිපයක් ද වනවා.
ඒවා සොයා ගත් නිවසේ පදිංචිකරු ද විශේෂ කාර්ය බලකායේ සේවය කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මව ද පොලීසිය අත්අඩංගුවට ගත්තා.