පසුගිය දිනවල රටපුරා සිදුවූ මත්කුඩු වැටලීම් සමඟ බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ STF අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ ඔහු ඊයේ දිනයේ ටයිකොන්ඩො කලුපටි 05 වැනි ශ්‍රේණියේ ගෞරව සහතිකය හිමිකරගැනීමත් සමඟයි.
මෙරට පිහිටි කොරියානු තනාපති කාර්යාලයේදී ඊයේ ඔහුට මෙම ගෞරව සහතිකය ප්රදානය කළා.
කොරියානු ලෝක ටයිකොන්ඩො මූලස්ථානයයි මෙය ප්රදානය කර ඇත්තේ.
කොරියානු තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලෝක ටයිකොන්ඩො මූලස්ථානයේ නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙන් එය ප්රදානය කෙරුණා.