Gossips

STC වෙනත් තැනකට ගෙන යාමට සේවකයින්ගේ විරෝධය

කොම්පඤ්ඤවීදිය – නවම් මාවතේ පිහිටි රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ කාර්යාලය සහ ප්‍රදර්ශනාගාරය වෙනත් ස්ථානයකට රැගෙන යාම සම්බන්ධයෙන් එහි සේවකයන් විරෝධය පළ කරනවා.
ඔවුන් පවසන්නේ චීන සමාගමකට සංස්ථා භූමිය ලබාදීම සඳහා මෙලෙස දැනට පවතින ස්ථානයෙන් එය ඉවත් කිරීමට බලධාරින් කටයුතු කර ඇති බවයි.
එලෙස ඉවත් කෙරෙන රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය තුළ පිහිටුවීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇති බව සඳහන්.
ඒ සඳහා ආර්ථික මධ්‍යස්ථානය අයත් වන ග්‍රාමීය ආර්ථික කටයුතු පිලිබඳ අමාත්‍යාංශයෙන් ද විමසීම් කර තිබෙනවා.
රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ සේවකයන් පවසන්නේ නවම් මාවතේ ගොඩනැගිල්ලෙන් වෙනත් ස්ථානයකට සංස්ථාව ගෙන යන්නේ නම් ඒ සඳහා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය නොව, රාජගිරියේ පිහිටි සංස්ථාවට අයත් වෙනත්
ගොඩනැගිල්ලක් ලබාදෙන ලෙසයි.
මෙම කරුණ පිළිබඳව අප රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ එස්.එල්.ඩීන් ගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ චීන සමාගමකට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මෙම භූමි ප්‍රදේශය ලබාදෙන බවයි.
බස්නාහිර නගර සංවර්ධන සැලැස්මට අනුව එය සිදුවන අතර, එමගින් සංස්ථාවට ගැටලූවක් නොවන බව ද ඔහු කියා සිටියා.