ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉහළින් 15 දෙනෙකුගෙන් සමන්විත නව දේශපාලන මණ්ඩලයක් පත් කිරීමට එම පක්ෂයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ අවස්ථාවේදීයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව අද පස්වරුවේ ආරම්භ වුණේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී.
ඊට නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සමස්ත ලංකා කාරක සභා සාමාජිකයින් රැසක් එක්ව සිටියා.
