Gossips

SLFP තීන්දුවෙන් පසු පූර්ණ කැබිනට් සංශෝධනයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීන්දුව දැනුම්දීමෙන් පසු අලූත් අවුරුද්දට පෙර පූර්ණ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.
ඒ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ විශ්වාසභංගයට පක්ෂ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම යළි කැබිනට් මණ්ඩලයේ අසුන් ගන්නේ නම් පාපොච්චාරණයක් සිදුකළ යුතු බවයි.
එමෙන්ම කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් අවසන් තීරණය ඇත්තේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සතුව බවද ඔහු ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් 14 වනදාට පෙර නව කැබිනට් මණ්ඩලයක් පත්වීම සිදුවන බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.