International

22 පාර්ලිමේන්තුව කැළඹෙයි.. සජබ දැවැන්තයෝ රැසක් රනිල් සමඟ.. හරීන් මුල්තැන ගනී..

එලැඹෙන 22 එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට සියළු කටයුතු සූදානම් කරමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි..

ඒ සමඟම විපක්ෂය දෙකඩ කිරීමේ සැලසුම් මේ වනවිට දියත් කර ඇති අතර, මලික් සමරවික්‍රම සහ ආශු මාරසිංහ මේ සාකච්ඡාවල දැවැන්ත බරක් උසුලන බවද රහසක් නොවේ.. හරීන් ප්‍රනාන්දු, තලතා අතුකෝරළ, කබීර් හශීම්, මනූෂ නානයක්කාර, ජේ සී අලවතුවල, යන සජබ මන්ත්‍රීවරු මේ වනවිටත් සමගි ජන බලවේගය අතහැර නැවත එක්සත් ජාතික පක්ෂය හා එකතු වීමට කැමැත්ත පල කර ඇති අතර, ඉම්තියාස් බාකීර් මාකර්, රංජිත් මද්දුම බණ්ඩාර සහ සරත් ෆොන්සේකා යන මන්ත්‍රීවරු තිදෙනා පමණක් මේ සඳහා තම අකමැත්ත ප්‍රකාශ කර ඇති බැව් සිරිකොත අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි…

කෙසේ වුවත් රනිල් සමඟ විපක්ෂය තුල ශක්තිමත් බලවේගයක් පිහිටුවීමටත්, විපක්ෂ නායක තනතුර නැවත රනිල් වික්‍රමසිංහ වෙත ලබා දීමටත් මෙම පිරිස ඉදිරියේදී කටයුතු කරනු ඇත. ඒ අනුව එජාප නියෝජ්‍ය නායකත්වය හරීන් ප්‍රනාන්දු වෙත මේ වනවිටත් පොරොන්දු වී ඇති අතර, එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් නායකත්වයන් මෙම පිරිසට ලබා දීමට දැනටමත් තීරණය කර ඇති අතර 2025 දී නැවතත් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයක් ගොඩ නැගීමේ සාකච්ඡා ආරම්භ කර ඇත.

පාඨලී චම්පික රණවක මේ වනවිට සිය ස්ථාවරය ප්‍රකාශ කර නැති අතර, ඔහු 43 සේනාංකය සමඟ ඉදිරි දේශපාලන කටයුතුවල නිරත වීමට දැනට අදහස් කර ඇති බවත්, රනිල්ගේ නායකත්වය තුල තිබෙන සන්ධානයක පොදු අපෙක්ෂකත්වය තමන්ට හිමිවනු ඇතැයි චම්පික රණවක පවසා ඇති බවත් මෙම ආරංචි මාර්ග සනාත කරයි…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කෙරෙහි රටේ ජනතාවගේ විශ්වාසය එන්න එන්නම අඩුවන බවත්, සජිත්ගේ නායකත්වය සමඟ පුළුල් බලවේගයට යෑම සිහිනයක් බවත් මේ වනවිට සාකච්ඡා වී ඇත. ඒ වගේම විපක්ෂ නායක බිරිඳගේ ක්‍රියා කලාපය පාර්ලිමේන්තු  කණ්ඩායම විසින් විවිධ ස්ථාන වලදී බරපතල විවේචනයන්ට ලක් කර ඇති බවද, ජලනි ප්‍රේමදාස සම්භන්ධව ලක්ෂ්මන් රාජපක්ෂ නම් පුද්ගලයෙකුගේ නම් වැඩිපුර කියවෙමින් තිබෙන බවද මෙම ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටී…