Politics Sri Lanka

OIC මාරු කරන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රී පාරේ නිදි.

OIC මාරු කරන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රී පාරේ නිදි.

නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වහාම මාරුකරන්නැයි ඉල්ලා මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හා නාවලපිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහනුවර නාවලපිටිය ප්‍රධාන මාර්ගය හරස් කරමින් මාර්ගය මැද නිදා ගනිමින් විරෝධතාවක නිරතවිය.
අද (10) අලුයම 5.00 ආරම්භ කළ මෙම විරොධතාව දහවල් 9.30 පමණ වනතෙක් පැවැතීම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇත. කෙසේවෙතත් පසුව මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් ඉවත්ව තම ගැටළුව පිළීබඳව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත දුරකථනය ඔස්සේ දැනුම් දී තිබේ.