Breaking International Sri Lanka

මැදමුලන නාකි මයිනා පන්නන මෙහෙයුම එළිපිට ඇරඹෙයි

රට තුල පවතින අර්බුධකාරී වාතාවරණය ප්‍රයෝජනයට ගෙන අගමැති මැදමුලන ම.රා. දේශපාලනයෙන් අතු ගා දැමීමේ මෙහෙයුම මේ වනවිට එළිපිට ඇරඹී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ලියුම් කරුට වාර්ථා කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ, මෙම ඉතිහාසගත කුමණ්ත්‍රණයට රිවර්ස් කිංග් ගෝතාද හිරව ඇති බවයි.

#Gohomegota2022 අරගලයෙන් මිදීමටනම්,නාකි මයිනා දේශපාලනයෙන් අතු ගා දැමිය යුතු බව විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම ආදීන්ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ 11 කණ්ඩායම සමඟ වියත්මග හරහා පාර්ලිමේන්තු පැමිණි පසුපෙල මන්ත්‍රීවරු 9 දෙනෙක් ගෝඨාභය රාජපක්ෂ වෙත කරුණු දක්වා තිබේ. ඊට විරුද්ධත්වය පාමින්, අනෙක් නවක මන්ත්‍රීවරුන් විසින් මැදමුලන මහ කබරයාගේ නායකත්වයෙන් ආණ්ඩුව ඉදිරියට යා යුතු බවට, පාර්ලිමේන්තුවේදී යෝජනා සම්මත කරගෙන ඇත.

කෙසේ වෙතත් මෙම කුමණ්ත්‍රණය මීට වසරකට පෙර ආරම්භ කර ඇති අතර, මේ ජයග්‍රාහී කුමන්ත්‍රණය, අනාගත අගමැති ඩලස් අලහප්පෙරුම විසින් ආරම්භ කලේ විදුලිය විසන්ධි කිරීමේ රැල්ලක් ආරම්භ කරමිනි. ඊට සමගාමීව උදය ගම්මන්පිල විසින් ඉන්ධන අර්බුධය මැනැවින් ගොඩ නැඟීම තුල මේ ආණ්ඩුවේ මළගම වගේම, කුප්‍රකට ගං කබර පවුලේ දේශපාලන මළගමද සටහන් වන්නට පටන් ගත් බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි.

කෙසේ වෙතත් මේ සඳහා මුදල් පොම්ප කිරීමේ වගකීම ගෝඨාභය රාජපක්ෂගේ ගජ මිතුරන් දෙදෙනෙක් වන මාධ්‍ය ජාලා හිමිකරුවෙකු සහ ජාත්‍යන්තර වෙළඳාම් කරුවකු ඔවුන්ගේ කලු සල්ලි ඉතා දැවැන්ත ලෙස පසුපෙල මන්ත්‍රීවරු වෙත මේ දිනවල ප්‍රදානය කරමින් ඇත. අභ්‍යන්තර ආරංචි මාර්ග ලියුම්කරු වෙත දැන්වූ ආකාරයට වසන්ත යාපා බන්ඩාර සහ ගුණපාල රත්නසේකර මන්ත්‍රීවරු දෙදෙනාට පමණක් රුපියල් මිලියන 200 බැගින් ලබා දී ඇති බව වාර්තා කෙරෙයි.

කෙසේ වෙතත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවමින් ඩලස් අලහප්පෙරුම මැතිතුමන් අගමැති කර, මීලඟ ජනපතිවරණයට ඩලස් අලහප්පෙරුම මැතිතුමන් ගෙන ඒම ජනතා අභිලාෂය බව, විමල් වීරවංශ මැතිතුමන් ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉවත් ව, ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ ඒකායන මතය වී තිබේ.