Gossips

LPL නොඑන බව කියන සුපිරි ක්‍රිකට් තරු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන සුපිරි ක්‍රිකට් තරඟාවලිය එල්.පී.එල්. පන්දුවාර විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ විදෙස් ක්‍රිකට් තරුවල සහභාගීත්වය පිළිබඳව මේ වනවිට ගැටළුවක් ඇතිවී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ අතර එල්.පී.එල්. පන්දුවාර විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලිය පැවැත්වීම පිළිබඳව විශේෂ සාකච්ඡා කිහිපයක් පසුගිය දිනවල පැවැත්වුනා.
එහිදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම නියෝජනය කරන සුපිරි ක්‍රිකට් තරු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එල්.පී.එල්. වෙත ගෙන්වාගැනීමේ බලාපොරොත්තුව අත්හැර දැමීමට සිදුව තිබෙනවා.
ඒ ඉන්දියානු ජාතික කණ්‌ඩායමේ කොන්ත්‍රාත් පදනම මත සිටින ක්‍රීඩකයන් ලෝකයේ වෙනත් කිසිදු රටකට ප්‍රිමියර් ලීග් සඳහා සහභාගි නොකිරීමට එරට ක්‍රිකට්‌ ආයතනය විසින් ගෙන ඇති තීරණය හේතුවෙන්.
කෙසේ වෙතත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ අයි.පී.එල්. තරඟාවලියට එක්වන ඉන්දීය දෙවැනි පෙළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු හෝ ගෙන්වාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි.
ඒ අනුව ඉන්දියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය ලබා ගැනීමට නොහැකි වීමෙන් වෙනත් විකල්ප සොයා ගැනීමට මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.
කෙසේ වෙතත් විදෙස් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් මෙරට පැවැත්වීමට නියමිත LPL තරඟාවලිය විශිෂ්ඨ තරඟාවලියක් බවට පත්කිරීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සහ විදෙස් කණ්ඩායම් අතර මූලික සාකච්ඡා කිහිපයක් සිදුකර අවසන් බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ අතර LPL තරඟාවලිය සඳහා තවත් ප්‍රබල කණ්ඩායමක ක්‍රීඩකයන් ගෙන්වා ගැනීමට නොහැකිවීමේ අවදානමක් මතුව තිබෙනවා.
මෙලෙස අවදානමක් මතුව ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීම පිළිබඳවයි.
ඒ LPL තරඟාවලිය පැවැත්වෙන කාලයේදී බටහිර ඉන්දීය කොදෙව්හී කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලිය පැවැත්වීම හේතුවෙන්.