Gossips

IS ත්‍රස්තයන්ගේ අමානුෂික දඬුවමක් එළියට එයි (ඡායාරූප)

සිරියාවේ ඩැමස්කස් අගනුවර දකුණු දිග ප්‍රදයකදී ISIS ත්‍රස්තයන් විසින් සොරකමක් සිදුකල බව පැවසෙන පුද්ගලයකුගේ දකුණු අත කපා දඩුවම් ලබා දෙන දර්ශන අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
ප්‍රසිද්ධ ස්ථානයක ජනතාව බලන් සිටියේදී මස් කපන මන්නයකින් කොටා මේ පුද්ගලයාගේ දකුණු අත වෙන් කරන ඡායාරූප පෙළක් ISIS ත්‍රස්තයන් ප්‍රසිද්ධ කර ඇත්තේ ඔවුන් සිරියානු රජයේ හමුදා අතින් දරුණු පරාජයකට මුහුණදෙමින් සිටින අතරවාරයේදී.
ඇග කිලිපොලා යන මේ දර්ශනය ISIS ත්‍රස්තයන්ගේ සැබෑ මිලේච්ඡ ස්වභාවය හෙළි කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
දඩුවම සිදු කරන ආකාරය කුඩා පිරිමි දරුවකුද බලා සිටින ඡායාරූප ප්‍රසිද්ධ කර තිබෙනවා.
ලිංගික සබදතා පවත්වන තරුණ තරුණියන්ට ගල් ගසා මරාදමන අතර පෙම් සබදතා පවත්වන අයට කස පහර සීයක් දී ගමෙන් පිටමන් කිරීම ISIS ත්‍රස්ත නීතියට අනුව සිදු කල යුතුයි.
එමෙන්ම සමලිංගික සබදතා පවත්වන අය උස ගොඩනැගිල්ලකින් බිමට තල්ලු කර මරා දමන අතර වයින් පානය කර හසුවුවහොත් කස පහර 80ක් ලබා දීම ISIS නීතියට අනුව සිදුවනවා.