Gossips

IPL වරම ගැන ලසිත් මාලිංගගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා එක්වන එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංගයි.
ඔහුගේ මෙවර IPL සහභාගීත්වය අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කළා.
මෙම සුවිශේෂ අවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිය පුදකරමින් මාලිංග වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කරන්නේ තමන් ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව යළි සුපිරි පළාත් තරඟාවලියට නැවත එක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවයි.
මෙරට සුපිරි පළාත් තරඟාවලිය පැවැත්වීම හේතුවෙන් ඔහු IPL තරඟාවලියට සහභාගී වීම පැවතුනේ අවිනිශ්චිත තත්වයකයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග හට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා සහභාගී වීමට අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් අනුමැතිය ලබාදුන්නා.
ඒ අනුව මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සුපිරි පළාත් තරඟාවලියෙන් ඔහු නිදහස් කර ඇති බවයි වාර්තා වූයේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් පිරිසක් සමඟ ක්‍රීඩා කිරීමට මාලිංගට අවස්ථාව හිමිවන බැවින් මෙම අවස්ථාව මාලිංග හට ලබා දුන් බවයි.