Gossips

IPL යාම ගැන කුසල් හදිස්සියේම කිසිවෙකු නොසිතූ තීරණයක් ගනී

කුසල් ජනිත් පෙරේරා මෙවර IPL තරඟාවලියට එක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.
ලංකාවේ පැවැත්වෙන දේශීය ක්‍රිකට් තරඟාවලියට මුල්තැන දීමට අවශ්‍ය බව පවසමින් ඔහු මෙම තීරණය ගෙන ඇති බවටයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ දී ඩේවිඩ් වෝනර් ඉවත්වීමෙන් පුරප්පාඩු වූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් ස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් කැඳවනු ඇති බවට මීට පෙර වාර්තා පලවූවා.
කෙසේ වෙතත් එම සහභාගීවීම අවිනිශ්චිත තත්වයකයි පැවතියේ.
දකුණු අප්‍රිකාව සමඟ පැවති තුන්වන ටෙස්ට් තරඟයේදී පන්දුව පළුදු කළ බවට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් එල්ලවූ චෝදනාව ඔප්පු වීමත් සමඟ වෝනර් මෙවර අයි.පී.එල්.තරඟාවලියට සහභාගී නොවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව ඩේවිඩ් වෝනර්ගෙන් පුරප්පාඩු වන සන්රයිසස් නායකත්වයට ශිකර් ධාවන් පත්කරනු ඇති බවට වාර්තා වන්නේ.
මේ අතර ස්ටීවන් ස්මිත් ද මෙවර අයි.පී.එල්.තරඟාවලියට එක් නොවන බව වාර්තා වනවා.