Gossips

IPL පිටිය උඩුයටිකුරු කරමින් සුපිරි වැඩකරු ගේල් ගෙන් හයේ වැස්සක්

IPL තරඟාවලියේ ක්‍රිකට් පිටිය සැණකෙළියක් කළ සුපිරි තරඟයක් ඊයේ පැවැත්වුනා.
ඒ පන්ජාබ් කණ්ඩායම සහ හයිද්‍රාබාද් කණ්ඩායම අතරයි.
එහිදී හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 15 කින් පරාජය කරමින් සුවිශේෂී ජයක් හිමිකරගැනීමට න්ජාබ් කණ්ඩායම සමත්වුනා.
මෙහිදී බොහෝදෙනෙකුගේ අවධානය යොමුවුණේ පන්ජාබ් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රිකට් පිටියේ ආන්දෝලනාත්මක ප්‍රවේගකාරී පිතිකරු ගේල් ගේ ඉනිම වෙතයි.
අනෙක් සියලු පිතිකරුවන් හයිද්‍රාබාද් පන්දු යවන්නන් හමුවේ අසරණ වෙද්දී ගේල් පන්දුව ගුවනේම තබමින් එල්ලකළ හයේ පහර 11 පිටිය සැණකෙළියක් කළා.
ඔහුගේ ඉනිමට පන්දු 63 ක් වැයවූ අතර එයට එක් හතරේ පහරක් ඇතුලත්.
ඊයේ තරඟය නැරඹීමට ඔහුගේ බිරිඳ සහ දරුවාද සහභාගී වී අතර සියල්ලන්ගේ ඔල්වරසන් හඬ මැද ගේල්ගේ ඉනිමට තිත තැබීමට කිසිදු පන්දු යවන්නෙකු සමත් නොවීම විශේෂත්වයක්.
එහිදී පහර පිට පහර එල්ලකරමින් සිටි ගේල් පිත්ත තම දෑතට ගෙන දරුවෙකු නලවන ආකාරයට කළ රංගනය බොහෝදෙනෙකුගේ සිත් ගත්තා.
නොදැවී පන්දුවට පහරදුන් ගේල් පන්දුවාර 20 අවසන් වනවිට රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 104ක්.
මේ අතර එම අවස්ථාවේ පන්ජාබ් කණ්ඩායමේ හිමිකාරිණිය වන සුරූපී බොලිවුඩ් තරුව ප්‍රීති ක්‍රීඩාංගණයේ සිට කළ රංගනයද ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කළා.
ගේල් ගේ ඉනිම අතරතුර මීළඟට පන්දුවට පහරදීමට සිටි යුවරාජ් ක්‍රීඩාගාරයේ සිට තම කණ්ඩායමේ සාමාජිකයාට සුබ පැතීමට අමතක කළේ නෑ.
අවසානයේ ගේල් ගේ සුපිරි ඉනිම සමඟ පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ හයිද්‍රාබාද් කණ්ඩායමට ලබාදුන් ඉලක්කය ලකුණු 193ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිද්‍රබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස්කරගත හැකිවුයේ ලකුණු සංඛ්‍යාව 174ක් පමණයි.
එහිදී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් 53 ක් රැස්කළා.
Manish Pandey ලකුණු 57 යි.
තරඟයේ වීරයා වූයේ සුපිරි පිතිකරු ගේල්.
ගේල් ගේ ඉනිමේ විශේෂ අවස්ථා පහතින්.
rnrn
rnrnrnrn