Gossips

IPL පන්දුයැවීමේ වාර්තාව බිඳ වැටේ

බටහිර ඉන්දීය කොදෙව් යොවුන් ක්‍රීඩක අල්සාරි ජෝෂප්ගේ වාර්තාගත පන්දු යැවීම හමුවේ සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරදවා ලකුණු 40 ක ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් පිල ඊයේ සමත්වුණා.
කාසියේ වාසිය දිනූ හයිද්‍රාබාද් පිල පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස මුම්බායි පිලට ඇරයුම් කළ අතර, ඔවුන් සිය පන්දු වාර විස්ස තුළදී කඩුලූ 7 ක් දැවී රැස් කළේ ලකුණු 136 ක් පමණයි.
එහිදී කයිරන් ෆොලාඞ් පන්දු 26 කදී නොදැවී ලකුණු 46 ක් රැස් කළා.
පිළිතුරු වශයෙන් හයිද්‍රාබාද් පිල පන්දු වාර 17 යි පන්දු 4 කදී ලකුණු 96 කට දවාලීමට මුම්බායි පන්දු යවන්නන් සමත්වුණා.
එහිදී අල්සාරි ජෝෂප් පන්දු වාර 3 යි පන්දු 4 කදී එක් නිලකුණු පන්දු වාරයක් සමඟ ලකුණු 12 කට කඩුලූ 6 ක් බිඳ හෙලූවා.
එමඟින් 2008 වසරේ සමාරම්භක අයි.පී.එල්. තරගාවලියේදි පාකිස්ථාන ක්‍රීඩක සොහයිල් තන්වීර් ලකුණු 14 කට කඩුලූ 6 ක් බිඳ හෙලමින් පිහිටවූ වාර්තාව බිඳ වැටෙනවා.