ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ මෙතෙක් පැවති තරගවලදී තරඟ 5 කින් හතරක් ජයගෙන චෙන්නායි සුපර් කිංග්ස් පිල ඉදිරියෙන් සිටිනවා. 
ඔවුන්ට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8 ක්. 
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තරග 5 කින් 3 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 6 ක් හිමිකරගෙන සිටින අතර කොල්කටා පිල තරග 4 කින් 3 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 6 ක් ලබා සිටිනවා. 
තරග 5 කින් 3 බැගින් ජයලැබූ මුම්බායි ඉන්දියන්ස් සහ කිංග්ස් ඉලෙවන පන්ජාබ් කණ්ඩායමටද හිමිවන්නේ ප්‍රසාද ලකුණු 6 බැගින්. 
විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සහභාගිවූ තරග 5 න්ම පරාජයට පත්වී ඇති අතර, ඔවුන්ට මෙතෙක් කිසිදු ප්‍රසාද ලකුණක් හිමිවී නැහැ.



