Sports

IPL තරගාවලියට වෝනර් වෙනුවට කුසල්ට ඇරයුම්!

IPL තරගාවලියට වෝනර් වෙනුවට කුසල්ට ඇරයුම්!
IPL තරගාවලියට වෝනර් වෙනුවට කුසල්ට ඇරයුම්!

By Kumudu Jayawardana

29 Mar, 2018 | 4:15 pm

By Kumudu Jayawardana

29 Mar, 2018 | 4:15 pm

  • Share:

පන්දුව පළුදු කිරීමේ සිද්ධිය පිළිබඳව චෝදනා ලබා සිටින ඔස්ට්‍රේලියානු හිටපු නායක ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර්ට එරෙහිව එරට ක්‍රිකට් ආයතනය පනවා ඇති මාස 12ක තරග තහනමට අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය සඳහා ඔවුන් සහභාගි කර නොගැනීමට රාජස්ථාන් රෝයල්ස් සහ සන්රයිසර්ස් හයිදරාබාද් යන කණ්ඩායම්වල ප්‍රධානීන් තීරණය කර තිබේ.

ස්ටීවන් ස්මිත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වයට පත් කර තිබූ අතර ඒ වෙනුවට අජින්ක්යා රහානේ පත් කෙරිණි.

මේ වන විට සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම ද ගැටලුවකට මුහුණ දී සිටී. ඒ ඔවුන් ප්‍රවේගකාරී පිතිකරු ඩේවිඩ් වෝනර් කණ්ඩායමට අහිමි වීම හේතුවෙනි.

මෙම ගැටලුවට පිළියමක් ලෙස ඔවුන් තීරණය කර ඇත්තේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී වමත් පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඒ සඳහා යෙදවීමට ය.

මේ සම්බන්ධයෙන් ට්විටර් හරහා දැනටමත් සන්රයිසර්ස් හයිදරාබාද් බලධාරීන් කුසල් ජනිත් පෙරේරාගෙන් ඉල්ලීමක් කර ඇත.

කෙසේ වෙතත්, මේ වන තෙක් ඔහුගේ සහභාගිත්වය තහවුරු කර නැතැයි වාර්තා වේ.

කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් පන්දු වාර 20 තරග 34කට ක්‍රීඩා කර ලකුණු 1020ක් රැස් කර ඇති අතර එක්දින තරග 73කදී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 1856කි.