Gossips

IPL ගහන්න ඉන්දියාවට ගිය මාලිංග මුම්බායි ඉන්දියන් සමඟ එක්වෙයි

මේ දිනවල ක්‍රිකට් ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ ඉන්දීය IPL තරඟාවලිය වෙතයි.
මෙම තරඟාවලියට එක්වන එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ එක්දින නායක ලසිත් මාලිංගයි.
මීට පෙර මාලිංග IPL තරඟාවලියට එක්වීම පිළිබඳව අවිනිශ්චිත තත්වයක පැවතියා.
ඒ මෙරට සුපිරි පළාත් තරඟාවලිය පැවැත්වීම හේතුවෙන්.
කෙසේ වෙතත් පසුව ඔහුගේ මෙවර IPL සහභාගීත්වයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර ලබාදුන්නා.
ඒ අනුව ඔහු ඉන්දියාවට පැමිණි ආකාරය පිළිබඳව දැක්වෙන වීඩියෝවක් මුම්බායි ඉන්දියන්ස් නිල ෆේස්බුක් පිටුවේ පළකර තිබෙනවා.
එම වීඩියෝව පහතින්.

මෙම සුවිශේෂ අවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිය පුදකරමින් මාලිංග වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කරන්නේ තමන් ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව යළි සුපිරි පළාත් තරඟාවලියට නැවත එක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවයි.
මෙරට සුපිරි පළාත් තරඟාවලිය පැවැත්වීම හේතුවෙන් ඔහු IPL තරඟාවලියට සහභාගී වීම පැවතුනේ අවිනිශ්චිත තත්වයකයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග හට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා සහභාගී වීමට අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් අනුමැතිය ලබාදුන්නා.
ඒ අනුව මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සුපිරි පළාත් තරඟාවලියෙන් ඔහු නිදහස් කර ඇති බවයි වාර්තා වූයේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් පිරිසක් සමඟ ක්‍රීඩා කිරීමට මාලිංගට අවස්ථාව හිමිවන බැවින් මෙම අවස්ථාව මාලිංග හට ලබා දුන් බවයි.

rnrnrnrn