මහේන්ද්‍ර සිං දෝණිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟය අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.
මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.
මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු අතින් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක මෙලෙස අවසන් තරඟයට සුදුසුකම් ලැබීම විශේෂත්වයක් වනවා.
ෂේන් වොට්සන්, ෆෆ් ඩූප්ලසී, සුරේෂ් රයිනා, අම්බති රයිදු, මහේන්ද්‍ර සිං දෝණි, ඩ්වේන් බ්රාවෝ, රවින්ද්‍ර ජඩේජා, ලුන්ගි නිගී, ෂාර්ඩුල් ටකූර්, හර්බජාන් සිං, දීපක් චාහර් යන ක්‍රීඩකයින් අද තරඟයේදී චෙන්නායි පිල නියෝජනය කරනු ඇති බවයි විචාරකයින්ගේ මතය වී ඇත්තේ.
ව්රීදීමන් සහා, ශිකර් ධාවන්, කේන් විලියම්සන්, යුසොෆ් පතාන්, දීපක් හුඩා, ෂකිබ් අල් හසන්, කාලෝස් බ්‍රාත්වෙට්, රෂිඩ් ඛාන්, බුවනේශ්වර් කුමාර්, සන්දීප් ශර්මා, සිද්ධාත් කාල් යන ක්‍රීඩකයින් අද තරඟයේදී හයිද්‍රාබාද් පිල නියෝජනය කිරීමට වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වන්නේ.
මේ අතර විචාරකයින් වැඩිදුරටත් පවසන්නේ හයිද්‍රාබාද් පිල නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් පිළිබඳව චෙන්නායි ක්‍රීඩකයින් වැඩි අවදානයක් යොමු කරනු ඇති බවයි.
මෙවර තරඟාවලියේ දී වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට සන්රයිසස් නායක කේන් විලියම්සන් සමත්ව ඇති අතර ඔහු මේ වනවිට තරඟාවලිය තුල රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 688ක්.
මේ අතර ලකුණු 586ක් රැස්කරගෙන සිටින චෙන්නායි කණ්ඩායමේ අම්බති රයිදු එම සටහනේ සිව් වන ස්ථානයේ පසුවනවා.
2018 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස මේ වන විට තරඟාවලිය තුල කඩුලු 24ක් දවාගෙන සිටින කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ ඇන්ඩෘ ටේ පෙරමුණේ සිටන අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ රෂීඩ් ඛාන් සහ සිද්ධාත් කාල් කඩුලු 21 බැගින් දවාගෙන දෙවන තැන රැඳී සිටිනවා.
හයිද්‍රාබාද් ක්‍රීඩකයින් දෙදෙනාගෙන් කවුරුන් හෝ අද තරඟයේදී කඩුලු 04ක් දවා ගැනීමට සමත් වුවහොත් මෙවර තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමේ හැකියාව එම ක්‍රීඩකයාට හිමිවෙනවා.