Gossips

IOC තෙල් මිලත් පහතට

ලංකා අයි.ඕ.සී. සමාගමේ ඉන්ධන මිලද රුපියල් පහකින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එම සමාගමේ ඔන්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 143ක් සහ ඔන්ටෙන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 162ක් ලෙස දැක්වෙනවා.
අයි.ඕ.සී. සමාගම නිකුත් කරන ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 106ක් ලෙස දැක්වන අතර සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 131ක් වනවා.
මේ අතර අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් සංස්ථා පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් 5කින් අඩු කරන බව ඛනිජ තෙල් අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 135ක් වන අතර, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 159ක්.
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 106කට අලෙවි කෙරෙන අතර, සුපර් ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 131ක්.