Gossips

IOC ඉන්ධන මිලත් පහළට

ලංකා අයි. ඕ.සී. සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 11කින් පහත දමා තිබෙනවා.
ඒ අනුව අයි. ඕ.සී. පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 153ක් වන අතර, ඞීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 118ක්.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 10 කින්ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 07 කින්ද පහත දැමීමට රජය කටයුතු කළා.
ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාවේ ඉන්ධනහල්වල ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 145කටයි.
එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 116ක්.