Gossips

IOC ඉන්ධන මිලත් ඉහළ යයි

ඉන්ධන මිල සංශෝධනයට අනුව ලංකා අයි.ඕ.සී සමාගමද ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 150ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 164ක්.
ඔටෝ ඩීසල් මිල රුපියල් 123 දක්වා එම සමාගම ඉහළ දමා ඇති අතර සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 133 දක්වා ඉහළ දමා තිබෙනවා.
මේ අතර ඉන්ධන මිල සංශෝධනයට අනුව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවද ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමුවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4 කින් ඉහළ දැමූ අතර එහි නව මිල වන්නේ රුපියල් 149ක්.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 4 කින් ඉහළ දමා ඇති අතර රුපියල් 161ක් ලෙස එහි නව මිල දැක්වෙනවා.
මිල රුපියල් 5 කින් ඉහළ දැමූ ඔටෝ ඩීසල් ලීරයක නව මිල ලෙස රුපියල් 123ක් ලෙස දැක්වෙන අතර රුපියල් 130 ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 133 ක් වන ලෙසට රුපියල් 3 කින් ඉහළ නංවා තිබෙනවා.