Gossips

IOCය වැඩිකළ මිලටම ඉන්ධන අලෙවි කරයි

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය වූ නව මිල ගණන් යටතේම තම සමාගම ඉන්ධන අලෙවී කරන බව ලංකා අයි.ඕ.සි සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා පවසනවා.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලැබුණු උපදෙස් මත පැවති මිලටම ඉන්ධන අලෙවි කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන් ප්‍රකාශ කළා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද උදෑසන දක්වා වැඩි මිලට ඉන්ධන අලෙවි කළත්, මේ වන විට යළිත් පෙර පැවති මිලටම ඉන්ධන අලෙවි කරන බවයි ඔවුන් කියා සිටියේ.
මේ අතර සියලුම ඉන්ධන බෙදුම්කරුවන් වෙත නිවේදනයක් නිකුත් කරමින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ බෙදුම්කාරත්වධුර ගිවිසුම්පත අනුව සංස්ථාවේ ලිඛිත අවසරයකින් තොරව ඉන්ධන මිල ගණන් සංශෝදන කිරීමට පිරවුම්හල්වලට නොහැකි බවයි.
පුවත් පදනම් කර ගනිමින් ඉන්ධන මිල ගණන් වෙනස් කිරීම කිසිසේත් සිදු නොකළ යුතු අතර එය බෙදුම්කාර ගිවිසුම බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් බව ද එම නිවේදනයේ දැක්වෙනවා.