Gossips

IMF ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කෙරේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 1.5 ක ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කිරීමට එකඟත්වය පළ කර තිබෙනවා.
ණය වැඩසටහන වසර 3 ක කාලයක් සඳහා ලබාදී තිබූ අතර, ඒ අනුව එය වසර 4 ක් දක්වා දීර්ඝ කෙරෙනු ඇති.
ඒ සඳහා කාර්ය මණ්ඩල මට්ටමෙන් එකඟත්වයක් ඇතිවූ අතර, ඒ අනුව ණය මුදලේ 6 වන වාරිකය මුදාහැරීමටද මූල්‍ය අරමුදල කටයුතු කරනු ඇති බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේ.