Gossips

IMF ආර්ථික සමුළුව අත්හිටුවයි

සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කෂෝගි සෞදි රජය විසින් ඝාතනය කළ බවට චෝදනා එල්ල වීමත් සමඟ ලබන සතියේ එරට පැවැත්වීමට නියමිතව තිබූ ආර්ථික සමුළුව අත්හිටුවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබෙනවා.
කෂෝගි තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ ඝාතනය වූ බවට ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බව එය පරීක්ෂා කළ උසස් තුර්කි බලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 15 දෙනෙකු තුර්කි බලධාරීන් හඳුනාගෙන ඇති අතර, ඉන් 04 දෙනෙකු සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු සමඟ සමීප සබඳතා පවත්වන පුද්ගලයින් බවයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ.