Gossips

ICC ය දිමුත්ගේ 2018 වසරේ දක්ෂතා අගයයි

පසුගිය වසරේ ක්‍රිකට් ක්‍රීඩකයන් ජාත්‍යන්තර පිටියේ දැක්වූ දස්කම් අගයමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වසරේ විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිරිනමන සම්මාන දිනාගත් නාම ලේඛනය අද(22) ප්‍රකාශයට පත්කලා.
ඒ අනුව හොඳම ටෙස්ට් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවෙන් දිමුත් කරුණාරත්න නම් කර තිබෙනවා.
පසුගිය වසරේදී දිමුත් ටෙස්ට් පිටියේ දැක්වූ සුපිරි දක්ෂතා නිසයි ඔහු මෙම ගෞරවය හිමි වී ඇත්තේ.
ICC විසින් නම් කල වසරේ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් දෙකේම නායකත්වය හිමි වී ඇත්තේ ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි හට. වසරේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් කිසිදු ක්‍රීඩකයෙකු ඇතුලත්ව නැහැ.
මේ අතර ක්‍රිකට් පිටියේ වසරේ විශිෂ්ටතම විනිසුරුවරයාට හිමිවන ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය දිනාගන්නට කුමාර් ධර්මසේන අද සමත්වුණා. ඔහු මෙම සම්මානයට පාත්‍ර වූ දෙවන අවස්ථාව මෙයයි.
මෙහිදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයාට පිරිනමන සර්. ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය, වසරේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රීඩකයාට හිමි සම්මානය සහ වසරේ විශිෂ්ටතම එක්දින ක්‍රීඩකයාට හිමි සම්මාන තුනම දිනාගන්නට ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සමත්වුණා.