Gossips

ICC යේ හදිසි තීන්දුව සමඟ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයා ෆේස්බුක් දාපු කතාව

ලංකාවේ ක්‍රිකට් වලට ආදරය කරන සියලුම ප්‍රේක්ෂකයන්ට ඊයේ දිනයේ අහන්න ලැබුණු පුවත වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
මෙලෙස බොහෝදෙනෙකුගේ අවධානය යොමුවුණේ අකිල ධනංජයට එරෙහිව ජාත්‍යන්තර තරඟ තහනම වෙතයි.
ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බව තහවුරු බව සඳහන් කරමින් මෙලෙස ICCය විසින් ඔහුට තරඟ තහනමක් පනවනු ලැබුවා.
ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිලිබඳ ඔස්ට්‍රේලියාවේදී සිදු කළ පරීක්ෂණයකින් අනතුරුවයි.
මෙම තීරණයත් සමග අකිලට ජාත්‍යන්තර තරග තහනමක් පැනවෙන අතර නැවත ජාත්‍යන්තර තරග බිමට පිවීසීමට පෙර ඔහු සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීමෙන් අනතුරුව යලි පරීක්ෂණයකට මුහුණ දිය යුතු වනවා.
කෙසේ වෙතත් මේ පිළිබඳව වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුවන උපුල් තරංග සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුනේ මෙලෙසින්.
ශක්තිමත්ව සිටින ලෙසත් සියල්ලන් ඔහු සමඟ සිටින බවත් එහි සඳහන් වනවා.