Gossips

ICC යේ අංක එකේ පන්දුව කඩුලු දඩයමේ ගිය හැටි

මේ වනවිට ලොවම කතාවෙන ක්‍රිකට් ලෝකයේ පෙරළිකාර කණ්ඩායමක් වන ඇෆ්ගනිස්ථානය ඊයේ තවත් සුපිරි ජයග්‍රහණයක් ලබාගැනීමට සමත්වුනා.
ඒ බංගලාදේශයට එරෙහි තරඟය කඩුලු 6කින් ජයගනිමින්.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 134ක් රැස්කළා.
එහිදී Tamim Iqbal කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කරමින් හතරේ පහර 5 ක් සමඟින් ලකුණු 43 ක් රැස්කරගත්තා.
කෙසේ වෙතත් බංගලාදේශයට පිහිටක් වූ එම ඉනිමටද තිත තබමින් පෙරළිකාර ජයක් ඇෆ්ගනිස්තානයට හිමිකරදුන් රෂිඩ් ඛාන් කඩුලු 4 ක් දවාගැනීමට සමත්වූවා.
එහිදී පන්දුවාර 4 ක් යොමුකළ රෂිඩ් ගෙන් ගිලිහී ගියේ ලකුණු 12 ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5 කදී කඩුලු 4 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
Samiullah Shenwari ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 49 ක් රැස්කළා.
අවසානයේ පිටියට පිවිසි Mohammad Nabi හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 සමඟ නොදැවී ලකුණු 39 ක් රැස්කරමින් තරඟයේ ජයග්‍රහණය ඇෆ්ගනිස්තානයට ගෙන ආවා.
බංගලාදේශ ඉනිම සුන්කළ රෂිඩ් ඛාන් තරඟයේ වීරයා වූවා.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rnrn
rnrn