Gossips

ICC යෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අනතුරු ඇඟවීමක්

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වෙත ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
තරඟ පාවාදීම් සම්බන්ධයෙන් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ පසුගිය ඉරිදා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදියි.
ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර, තරඟ පාවාදීම් අතින් දූෂිතම රට ශ්‍රී ලංකාව බවත්, ඊට අදාළ තොරතුරු සහ සාක්ෂි තමන් සතු බවත්, අයි.සී.සී. බලධාරීන් මෙරට ක්‍රිකට් බලධාරීන් වෙත ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
අඛණ්ඩව මෙම තත්ත්වය පැවතියහොත් ටෙස්ට් තත්ත්වය ඉවත් කිරීමටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන කපා හැරීමටත් සිදුවන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය, වැඩිදුරටත් දැනුම් දී ඇති බව සඳහන්.