Gossips

ICCය සිය 105 වන සාමාජිකයා ලෙස USA නම්කරයි

ඇමරිකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමි වී තිබෙනවා.
ඒ, ඇමරිකානු ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් කළ ඉල්ලීමකට අනුවයි.
පසුගිය 2017 වසරේ ජුනි මාසය තෙක් ඇමරිකාවට අයි.සී.සී. සාමාජිකත්වය තිබූ අතර පසුව එය අහිමි වූයේ ඔවුන්ගේ සහභාගීත්වයේ පැවති දුර්වලතා හේතුවෙන්.
ඇමරිකාවට මෙලෙස යළි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමි වන්නේ එහි 105 වන සාමාජිකයා ලෙසයි.