ICC යේ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි 6 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි අද (01) සිදුකළ යාවත්කාලීන කිරීම්වලට අනුවයි ශ්‍රී ලංකාව එහි 06 වන ස්ථානයේ පසුවන්නේ.
එම ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමිව ඇත්තේ ඉන්දීය කණ්ඩායමටයි.
නවතම ශ්‍රේණිගත කිරීම් හි කොදෙව් කණ්ඩායම අභිබවා යාමට නැගී එන බංගලාදේශ කණ්ඩායම සමත්ව තිබීම විශේෂත්වයක්.
ඒ අනුව බංගලාදේශ කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි හිමිකරගෙන සිටින්නේ 08 වන ස්ථානයයි.
එම නවතම ශ්‍රේණිගත කිරීම පහතින්.
