අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ පුර්ණ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට යළිත් වරක් පිරිනමා තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සිය ටිවිටර් ගිණුමේ සඳහන් කර තිබුණේ ඩුබායි නුවර අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල සභාවේ මේ වන විට පැවැත්වෙන විශේෂ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් නිවේදනය කළ බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට මෙලෙස පුර්ණ සාමාජික බලතල හිමිව ඇත්තේ මාස 9කට පසුවයි.
නියමිත කාලයට ක්‍රිකට් නිලවරණය නොපැවැත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තුල මිට පෙර ලබා දී තිබුණේ නිරීක්ෂණ මට්ටමක තත්වයක්.
ක්‍රිකට් සභාපතිවරයා සිය ටිව්ටර් සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ "මාස 9ක සිට නිරීක්ෂණ මට්ටමක සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවතත් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පුර්ණ බලතල ඇති සාමාජිකයෙකු ලෙස පිළිගත් බව අද පැවැති අන්තර් ජාතික ක්‍රිකට් මාණ්ඩලික සභාවේදී ප්‍රකාශ කළ බව සතුටින් දැනුම් දෙනවා." යනුවෙන්.
