Gossips

ICCයෙන් චන්දිමාල්ට දඬුවම්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ටෙස්ට් තරගයක තහනමක් පනවා තිබෙනවා.
මිට අමතරව ඔහුට තරඟ ගාස්තුවෙන් සියයට සියයක් දඩ මුදලක් පැනවීමටත් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව සඳහන්.
ඒ අනුව කොදෙව්වන් සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව චන්දිමාල්ට අහිමිවනු ඇති.
දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවේ ස්වභාවය වෙනස් කල බවට චෝදනා එල්ලවුණා.
නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් දෙවන දිනයේ ක්‍රීඩා පිටියට පිවිසීමද පැය දෙකකින් පමණ පමා කළා.
කෙසේ වෙතත් අවසානයේ කොදෙව් ක්‍රීඩකයින් හට දඬුවම් ලකුණු 5ක් ලබාදීමට විනිසුරුවරුන් තීරණය කළ අතර ශ්‍රී ලංකා ටෙස්ට් නායක චන්දිමාල්ට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කළා.
කෙසේවෙතත් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළේ චන්දිමාල් වැරදිකරු ලෙස තීන්දු කර නොමැති අතර තරඟය අවසානයේ තරඟ තීරක සහ විනිසුරුවන්ගේ සහභාගිත්වයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.
ඒ අනුව එම තරගයේ වීඩියෝ දර්ශණ ද පරීක්ෂා කරමින් සිදු කළ විමර්ශණයෙන් අනතුරුවයි චන්දිමාල්ට දඩුවම් කිරීමට තීරණය වී ඇත්තේ.
දෙරට අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 23 වනදා ආරම්භවීමට නියමිතයි.
rnrnrnrnrn