Politics Sri Lanka

http://www.lankatruth.com/si/48659-2/

කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් සොයාගත් හිස කොටස මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි පන්ඩිතගේ ශාන්ත කුමාර හෙවත් කොස්මල්ලී යන අයගේ බවට හදුනාගෙන තිබේ. කෙසෙල්වත්ත පොලිස් වසමේ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ තිබී පුද්ගලයෙකුගේ හිස කොටසක් ඊයේ (07) පෙරවරුවේ පොලීසිය විසින් සෙයාගනු ලැබීය.

ඊයේ මෙම හිස කොටස කෙසෙල්වත්ත පොලීසියේ නිලධාරීන් විසින් සොයාගැනීමෙන් අනතුරුවයි අපරාධ පරීක්‍ෂණ දෙපර්තමේන්තුව විමර්ශන ආරම්භ කරනු ලැබුවේ. මෙම ඝාතනය සංවිධානාත්මක කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් බවට ඝාතනය අනාවරණ කර ගෙන තිබෙනවා.

පසුගිය මස 16 වන දා මෙම ප්‍රදේශයේම සිදු වූ පුද්ගල ඝාතනයට ද මෙම සිද්ධියේ සම්බන්ධතාවයක් ඇති බවටයි මේ වන විට තහවුරු වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

තව කියවන්න:

No related posts.