Gossips

Hiru Super Dancer සුපිරි අවසන් මහා තරඟයේ කිරුළ හිමිකරගත් තිනේෂිකා ගමන් ගන්නා රථ පෙළපාලිය කිරිබත්ගොඩින් ආරම්භ කිරීමට සියල්ල සූදානම්

මෙරට සුවහසක් දූ දරුවන්ගේ නර්තන හැකියාව ඔපමට්ටම් කරමින් අනාගත නර්තන පරපුරක් රටට දායාද කිරීම උදෙසා හිරු TV අභිමානයෙන් ඉදිරිපත් කළ "Hiru Super Dancer" සුපිරි අවසන් මහා තරඟයේ කිරුළ හිමිකර ගැනීමට කඩවත ප්‍රදේශයෙන් තරඟ වැදුණු තිනේෂිකා නිසල්යා සමත් වුණා.
මෙරට රූපවාහිනී කලාව නැවුම් මානයකට රැගෙන ගිය ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත දිඟහැරුනු මෙම තරඟාවලියේ සුපිරි අවසන් මහා තරඟය 12 වනදා සවස්යාමයේ අති විචිත්‍රවත් ලෙස කොළඹ නෙළුම් පොකුණ ජාතික රඟහලේදී පැවැත් වුණා.
තිනේෂිකාගේ මෙම ජයග්‍රහනය වෙනුවෙන් රථ පෙළපාලියක් හිරු පිරිවර විසින් අද (13) දිනයේදී සංවිධාන කර තිබෙනවා.
ඇය අධ්‍යාපනය ලබන කිරිබත්ගොඩ විහාර මහා දේවි බාලිකා විද්‍යාලය විදුහපතිතුමිය , ගුරු භවතුන් , ආදි ශිෂ්‍යයින් මෙන්ම පාසලේ සිසුවියන් රැසක් මේ සඳහා එක්ව සිටිනවා.
අද පස්වරු 1.00ට කිරිබත්ගොඩ විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ සිට කිරිබත්ගොඩ මංසන්දියෙ සිට නුවර පාර ඔස්සේ කඩවත මංසංදිය ගණේමුල්ල ප්‍රධාන පාරෙන් සූරියපාලුව බංගලාවත්ත ක්‍රීඩාංගනයට ඇය රැගත් රථ පෙළපාලිය ගමන් කිරීමට නියමිතයි.
කිරුළ හිමිකරගත් තිනේෂිකා නිසල්යාට ලක්ෂ 23 ක් වටිනා මෝටර් රථයක් හිමි වූ අතර ඇයගේ ගුරුවරයාට ලක්ෂ 03 ක් වටිනා යතුරුපැදියක් පිරිනැමුණා.
සෙසු තරඟකරුවන්ට මෙන්ම ඔවුන්ගේ ගුරුවරුන්ටද තෑගී රැසක් ලබාදීම මෙම තරඟයේ විශේෂත්වයක් වුණා.