Gossips

FCIDයට වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයේ රාජකාරී ආවරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී ඩබ්ලිව් ආර් බී සෙනවිරත්න පත්කර තිබෙනවා.
සේවයේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට ස්ථිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත්කරන තෙක් ඩි ඩබ්ලිව් ආර් බී සෙනවිරත්න එම ධුරයේ කටයුතු කරනු ඇති.
මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට අමතරව ඔහු පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ද රාජකාරී ආවරණය කරන බවයි පොලිසිය කියාසිටියේ.