Facebook ඇතුළු සියලු සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවයි. රට තුළ පවතින උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ෆේස් බුක් , වට්ස් අප්, වයිබර් ඇතුළු අන්තර්ජාලයේ සියලු සමාජ ජාල වෙබ් අඩවි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලියව අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිශන් සභාව තීරණය කර තිබේ. ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමක් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.ජාතිවාදය අවුස්සන හෝ භේද ඇති කරන අන්දමේ පළකිරීම් වාරණයට ලක් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.
