ඊ.ටී.අයි. වත්කම් විකිණීමේ ගණුදෙනුවේ විනිවිද භාවය පිළිබඳව තවදුරටත් විමර්ශනය කරමින් සිටින බව ජාතික ආර්ථීක සභාව ප්‍රකාශ කළා.
ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් සහ මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ එච්.ඒ. කරුණාරත්න මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
