Gossips

ETI ප්‍රතිව්‍යූහගත කිරීමේ පෙත්සම් විභාගයට මැදිහත් වන්න අවසර දෙන්නැයි තැන්පත්කරුවන් ඉල්ලයි

ETI මුල්‍ය ආයතනය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ඉල්ලා කොළඹ වානිජ මහාධිකරණයේ ගොනුකරනු ලැබු පෙත්සම සම්බන්ධයෙන් මැදිහත්වීම සඳහා එහි තැන්පත්කරුවන්ට අවසර ලබාදීම පිළිබඳ තීරණය ලබන නොවැම්බර් පළවනදා ප්‍රකාශයට පත් කෙරෙනවා.
ඊට අදාළ නඩුව කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු හමුවේ අද කැඳවනු ලැබුවා.
එහිදී ETI ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් මැදිහත්වීමට සහ කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් ඉල්ලීමක් කළා.
අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සහ ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස මහබැංකුවට ද නියෝග කර තිබෙනවා.
අදාළ පෙත්සම යළි සලකා බැලීම ලබන නොවැම්බර් 01 වනදා දක්වා කල් තැබීමටයි වානිජ මහාධිකරණ විනිසුරුවරයා තීරණය කළේ.