Gossips

ETI දූෂිත ගනුදෙනුවලට පසුගිය රජයේ අනුග්‍රහය ලැබුණා – නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු

ඊ.ටී.අයි. ආයතනයේ සිදු වූ දූෂිත ගණුදෙනුවලට එවකට පැවති රජයන් හි අනුග්‍රහය ලැබී තිබූ බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පවසනවා.
එම තැන්පතුකරුවන් විසින් අද (06) කොළඹ කැදවා තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සභාපති අනූෂා ජයන්ති මෙම සම්මන්ත්‍රණයට එක්වෙමින් කියා සිටියේ තැන්පත්කරුවන්ට සාධාරණයක් ඉෂ්ට කිරීමට පැවති රජය කටයුතු නොකළ බවයි.