Gossips

ETI තැන්පතුකරුවන් පොලිස් මූලස්ථානයට

ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය අද පොලිස් මූලස්ථානයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි දෙකක් භාර දෙනු ලැබුවා.
ඒ රුපියල් බිලියන 34 ක මූල්‍ය වංචාවක් ETI තැන්පත්කරුවන්ට සිදුවූ බව පවසමින්.
ETI සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඊට වගකිව යුතු බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමිනුයි මෙම පැමිණිලි භාරදී ඇත්තේ.
මේ අතර, පොලිස් නිළධාරින්ගේ ඥාති සංසදය අද පෙරවරුවේ පාගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා.
ඒ පොලිස් නිළධාරින්ගේ වැටුප් වැඩිකිරිම සහ උසස් විමි ඇතුළු ඉල්ලිමි තුනක් සඳහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින්.
ගාලුමුවදොර පිටිය ඉදිරිපිට සිට පාගමනින් පැමිණි පොලිස් නිළධාරින්ගේ ඥාති සංසදයේ නියෝජිතයින් අදාළ ඉල්ලීම් ඇතුළත් සංදේශයක් භාර දිම සඳහා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාල වෙත ගොස් තිබෙනවා.