Gossips

ETI තැන්පත්කරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

ඊ.ටී.අයී.තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සාමාජිකයන් අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.
ඒ ඊ.ටී.අයී. ගණුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණ සඳහා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.
මෙම සංගමය මීට පෙර ඊ.ටී.අයී. ගණුදෙනුව සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන ලෙසට පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් සිදු කළා.
ඒ අනුවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊ.ටී.අයී. ගණුදෙනුව සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇත්තේ.
ඊ.ටී.අයී. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය නියෝජිතයින් අද පෙරවරු 10 පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ඔවුන්ගෙන් පැය දෙකකට ආසන්න කාලයක් අදාළ ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.
එම මාධ්‍ය හමුවට එක්වෙමින් එම සංගමයේ නියෝජිතයෙකු වන පද්මා සේනාධිපති කියා සිටියේ 2014 වසරේ සිට ඊ.ටී.අයී. ආයතනය තැන්පත්කරුවන්ගේ මුදල් නාස්ති කරමින් අලාභ ලබමින් කටයුතු කර ඇති බවයි.