Gossips

ETI තැන්පත්කරුවන්, අදත් මුදල් ඉල්ලා අදත් විරෝධයේ

ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙනුකරුවන් අදත් බොරැල්ල – වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයේ කාර්යාලයට පැමිණ විරෝධතාවය පළ කළා.
ඒ, ඊ.ටී.අයි. ආයතනය සිය ගණුදෙනුකරුවන්ගේ ඉතිරි කිරීම්වලට අදාළ රුපියල් බිලියන ගණනක මුදල් නැවත ලබාදීමට කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින්.
මීට පෙර ද අවස්ථා ගණනාවකදී ඔවුන් එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා.
ඒ සෑම අවස්ථාවකදීම ආයතන බළධාරින් ගණුදෙනුකරුවන්ගේ මුදල් නැවත ලබාදෙන බවට විවිධ වකවානු ප්‍රකාශයට පත් කළ ද, ඒ කිසිදු දිනක මුදල් ලබාදීමට ඔවුන් කටයුතු කළේ නැහැ.
අද දිනයේ ද එම මුදල් ලබාදෙන වකවානුව සම්බන්ධයෙන් නිසි තීරණයකට නොපැමිණි බවයි තැන්පත්කරුවන් ප්‍රකාශ කළේ.