ඊ.ටී.අයි. මුල්‍ය ආයතනයේ තැන්පත් කර ඇති තම මුදල් ආපසු ගෙවීමට නියම කරන්නැයි ඉල්ලා එම තැන්පතුකරුවන් ඉදිරිපත් කර ඇති පැමිණිලි විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ (07) තීරණය කළා.
එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ අදාළ පැමිණිලි ලබන 21 වන දා සිට විභාග කිරීමටයි.
තැන්පතුකරුවන් ඉදිරිපත් කර ඇති මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අය නම් කර තිබෙනවා.
