Gossips

ETI තැන්පත්කරුවන්ගෙන් අදත් චෝදනා

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ තැන්පත්කරුවන් අදත් එම ප්‍රධාන කාර්යාලයට රැස් වුණේ තමන්ගේ තැන්පත් මුදල් ලබා ගැනීමේ අරමුණින්.
කෙසේ වෙතත්, එහිදි ඔවුන් චෝදනා කළේ ඊ.ටී.අයි ආයතනය සම්බන්ධයෙන් මහබැංකුව සහ එම ආයතනයේ හිමිකරුවන් පවසන කරුණු පරස්පර බවයි.
ඊ.ටී.අයි ෆයිනෑන්ස් ලිමිටඞ් මුල්‍ය ආතයනයේ රුපියල් බිලියන ගණනක මුදල් තැන්පත්කරුවන් වෝඩ් පෙදෙසේ පිහිටි ප්‍රධාන කාර්යාලයට රැස්වුණේ වරක් දෙවරක් නොවේ.
ඒ ඔවුන්ගේ තැන්පත් මුදල් නැවත ලබා ගැනීිමේ ඒකායන අරමුණින්.
තැන්පත්කරුවන් එලෙස මුදල් ඉල්ලන සෑම අවස්ථාවකම ආයතනයේ බළධාරින් මුදල් ලබාදෙන බවට විවිධ දින වකවානු ඉදිරිපත් කළ ද, කිසිදු මුදලක් ඔවුන් වෙත මෙතෙක් ලබාදීමට සමත් වී නැහැ.
11 වෙනි වතාවටත් තැන්පත්කරුවන් අදත් එම ආයතනයට පැමිණියේ තමන්ගේ මුදල් වලට සිදුවන්නේ කුමක්දැයි නිශ්චිතව දැනගැනීමේ අරමුණින්.
එම අවස්ථාවට ආයතනයේ අධයක්ෂක මණ්ඩලයද සහභාගි වුණා.
එහිදී දෙපාර්ශවය අතර ඇතිවූයේ උණුසුම් සංවාදාත්මක තත්ත්වයක්.